“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (14) නියෝග කළේය. යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නිම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකරContinue Reading

සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි. එම විහාරස්ථානයේ වැඩ විසූ 18Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය  ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට  වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට  අද (14) නියමContinue Reading

උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ කඳුළු ගෑස් මිලදීගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු දින 10 ක් තුළ ඉදිරිපත් කිරීමට පොලිසිය තොරතුරු කොමිෂන් සභාවේදී අද (14) එකඟ වී තිබේ. එම විභාගයට පොලිස් සැපයුම් කොට්ඨාසය සහ පොලිස් නීති කොට්ඨාසය ඇතුළු නිලධාරීන් පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගි වීContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය සඳහා අද (14) දින නියම විය. ඒ එම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය. එහිදී එම නඩුව දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුContinue Reading

විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව දුරකතන අංක 0775687387 ඇමතීමෙන් නව ගාස්තු සම්බන්ධ ගටලු ඉදිරිපත් කළ හැකිය.Continue Reading

නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කරන්නේ කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව,Continue Reading

අද(14) සිට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව කුකුල් මස් අලෙවිකරුවනගේ වෙළෙඳ සංගම් ප්‍රකාශ කරයි. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,450ක් ලෙසයි.Continue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ   ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි. ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් මෙහි දී පැවැත්වුනුContinue Reading

ප්‍රවීණ ගීත පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය. අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. රන්ජන් රාමනායක මහතා ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ, ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා, මේරියන්ස්Continue Reading