ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි. එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක ඒ බව සඳහන් වේ.Continue Reading

අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි හෝටලයකට පෙරේදා (21) රාත්‍රීයේ ටී – 56 ගිනි අවියක් රැගෙන කඩා වැදුණු පුද්ගලයකු එම හෝටලයේ ඉහළ මහලේ ආලින්දයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්කර එල්ල කළ වෙඩි වරුෂාවකින් දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇත. විදුලිය විසන්ධිකර තිබුණු අවස්ථාවේදී මෙම වෙඩි තැබීමකර ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකි.Continue Reading

මේ මාසයේ දෙවැනි සතියේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 ඉක්මවූවද එය නැවතත් 150ක් දක්වා අඩුවීමක් දක්නට ලැබුණද ඉන් ආසාදියතන්ගේ අඩු වීමක් ලෙස ලඝු කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිනමිණ‘ට ඊයේ (22) ප්‍රකාශ කළේය. අගෝස්තු තුන්වැනි සතියේ කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීමContinue Reading

කොටදෙණියාව පල්ලේගම මාර්ගයේ මැල්ලවලාන හන්දියේ දී ඊයේ (22) දහවල් යතුරුපැදියක් කන්ටේනර් රියක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් විසි හැවිරිදි තරුණයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් කොටදෙනියාව දොරොව්වේ පදිංචිව සිටි ඒ. රනිල් නම් විසි හැවිරිදි තරුණයකු සහ ගිරිඋල්ලේ පදිංචිකරුවකු වූ එම වයසේම රියාස්Continue Reading

සර්ව පාක්ෂික වැඩපිළිවෙළට සහයෝගය දෙන අතර එම ආණ්ඩුවක ඇමැතිකම් ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ (22) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇති බව ඒ මහතා ප්‍රකිශContinue Reading

රජයේ සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවීම ලබන 24 වැනි දායින් අවසන් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මයාදුන්නේ මහතා දිනමිණට පැවසීය. ඒ අනුව ලබන 25 වැනි දා සිට සියලු රාජ්‍ය සේවකයන් දින පහම සේවයට වාර්තා කළ යුතුව තිබේ. දැනට රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවා නිකුත්Continue Reading

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කර දූෂණය කිරීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති සෙවණගල පොලිස් ස්ථානාධිපතිවරයා අද හෙටම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ භාර වීමේ සූදානමක් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ වන විට නිවාඩු දමා ළමා හා කාන්තා කාර්යාංශයට කට්ටි පනිමින් සිටින මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කාලයක් තිස්සේමContinue Reading

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට කැඳවීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයෙක් පැවසීය සැකකාර නාගරික මන්ත්‍රීවරයාContinue Reading

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් අද (22)  ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ත්‍රීරෝද රථContinue Reading

ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22)Continue Reading