බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධනහලක අද (30) දහවල් හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.විදුලි කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැකකෙරේ.  ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි ඉන්ධන පොම්ප සවිකර ඇති ආසන්නයේ  ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවූ පසුව පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාව වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.Continue Reading

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.  ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය. ජනාධිපතිවරයා  දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.  ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන්Continue Reading

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගිය මාසයේ නව වෙනිදා  කොළඹට මෙපමණ විශාල  ජන ගඟක්  ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද  ජනතාව එසේම  කටයුතු කරනුContinue Reading

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. විදේශ විනිමය අර්බුදය නිසා  ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට  ලිපියක් යොමු කරමින් දැනුම් දීContinue Reading

ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අය මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී පස්Continue Reading

උඩුපුස්සැල්ලාව – රපානවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් තැනැත්තා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රපානවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු බවයි.රපානවත්ත ප්‍රදේශයේදි තරුණයින් 05 දෙනෙකු මත්පැන්Continue Reading

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රියේ සිට පැය 11ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ, මෙම ජල කප්පාදුව අද රාත්‍රී 09 සිට පසුදා එනම් හෙට (31) දින උදෑසන 08 තෙක් බලපැවැත්වෙන බවයි.ඒ අනුව කොළඹ 9,10,11 හා 12 යන කලාපවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති.මහ කොළඹ ජලContinue Reading

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අවසන් වූ පසු පෝලිමෙන් ඉවත්වන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.කෙසේ වෙතත් 6, 7 , 8 , 9 යන ඉලක්කම්වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අද (29) සිදු කෙරුණ ද ඒ සඳහා දිවයිනContinue Reading

එළඹෙන අගෝස්තු මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.සංශෝධිත තැපැල් ගාස්තු ජූලි මස 19 වැනි දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.සංශෝධිත නව විදේශ තැපැල් ගාස්තු යටතේ අගෝස්තු 01Continue Reading