නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අද දින එලෙස පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසය.Continue Reading

අම්බලන්ගොඩ පොලීසියේදී අද (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙකි.  මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබේ. එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇතිContinue Reading

ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු නැවත නගාසිටුවීම සඳහා අමාත්‍යාංශ සැලසුම්වලට සමගාමීව යුනිසෙෆ් සංවිධානය විසින් “සාධාරණත්වය සහ ගුණාත්මකභාවය” යන තේමාව යටතේ සැකසූ යුනිසෙෆ් සැලැස්මක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබේ. ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහාContinue Reading

මෙම දිනවල පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම්දෙයි. අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමිත සිරිතුංග මහතා මේ බව සඳහන්Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 3ක් ද සොයාගත් බව පොලීසිය පැවැසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ධියContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.Continue Reading

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදුContinue Reading

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියකContinue Reading

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත.  එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වීContinue Reading

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ. එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.Continue Reading