ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබුණි. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.47 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.1 ලෙස සටහන් විය.Continue Reading

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත  වෙන්නප්පුව පොලිසිය හාවෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම සැකකරුවන්Continue Reading

රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ වන ජීවීන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම් සලසමින් පරණ තොටුපොල නිවාඩු නිකේතනය වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 100කි. රාත්‍රී කාලයේContinue Reading

ගාලු මුවදොර වෙරෙළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 40ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (අගෝස්තු 1) පෙරවරුවේ මෙලෙස හමු වී ඇති බව ය. අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය. මීට දින කිහිපයකට ඉහතදීContinue Reading

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය 30 වැනිදා පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. මෙම විසිරයාමේContinue Reading

ජනාධිපති මන්දිරයේ ඇති Wi-Fi භාවිත කරමින් සැකසහිත ලෙස ඉන්ටර්නෙට් ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පුද්ගලයන් මෙලෙස ඉන්ටර්නෙට් භාවිත කරමින් ඇමැතුම් ලබාගෙන ඇත්තේ අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව බව පොලිසිය සඳහන් කරයි. පොලිසිය මේ වන විට එම දුරකතන දත්ත වාර්තා අධ්‍යයනයContinue Reading

ඕපනායක පොලිස් වසමේ අකරැල්ල ප්‍රදේශයේදී විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකුට ඔහුගේ පියා නියනයකින් පපුවට ඇන ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුද 31ක් වන අකරුල්ල, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු බීමත්ව නිවසටContinue Reading

අද (අගෝස්තු 01) දිනයේදීත් පැය 03ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි ඒ අනුව අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින් දැක්වෙයිContinue Reading

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමග අද (01) සිට ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම්Continue Reading

ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ (31) රාත්‍රී වන විට වාහන ලක්‍ෂ 50 ක් ලියාපදිංචි වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 1,140 ක් කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කිරීමට අනුගත වී සිටි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. එම ඉන්ධන පිරවුම්හල් 1,140 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 964Continue Reading