මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඊශ්‍රායලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලුපිද් විසිනි. ඊශ්‍රායලය දේශපාලන අර්බුදයක පැටැලී සිටින අතර, කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතකරයක් නොමැත. මෙම වසර අවසානයේ ඊශ්‍රායලයේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන අතර එතෙක්, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ යාර්Continue Reading

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය. විරෝධතාවය අතරතුර යුද හමුදාවට ඊයේ(13) රාත්‍රී එල්ල වූ එම  ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජකියෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලදහ. එම පිරිස යුද හමුදා රෝහලේContinue Reading

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටවීම සහ අරගලයට සහයෝගය පළකරමින් කිරිබත් දන්සලක් ඊයේ එනම් ඇසළ පොහෝ දින පෙරවරුවේ හොරණ යාල ප්‍රදේශයේ දී පැවැත්විණි. මෙම දන්සල පැවැත්වූයේ සාගර බේකර්ස් අධිපති සාගර ඉන්ද්‍රරත්න මහතා සහ ප්‍රදේශවාසී ජනතාවගේ මූලිකත්වයෙනි. සහභාගි වූ ජනතාව ඉතා සතුටින් කිරිබත් භුක්ති විඳින අයුරු දක්නට ලැබුණි.Continue Reading

හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. නීතියේ ආධිපත්‍යයට යටත්ව සියලු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතු බවද සියලුම දෙනාගේ ජීවත් වීමේ අයිතිය සහ දේපළවලට ගරු කළContinue Reading

දිනකට රෝගීන් දහසක් (1000) රෝහල්ගත කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට රෝගීන් එක්දහස් හයසීයක් (1600) පමණ දෛනිකව රෝහල්ගත කරන බව සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා ඊයේ (05 දා) පැවසීය. සුවසැරිය ගිලන් රථ සේවයට ඉන්ධන ගැටලුවක් නොමැති බවත්, ලංකාContinue Reading

පාර්ලිමේන්තුව වට කිරීමේ තීරණයක් ගාලුමුවදොර පොදු අරගල භූමියේ නොතිබුණු බවත්, එම සිද්ධියට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධ වී සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ඊයේ (14) පැවසීය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ මෙයට ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් සහභාගී වී සිටි බවයි. ගෝඨාභය රාජපක්ෂContinue Reading

ඩීසල් මෙට්‍රික් ටොන් 120,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350,000ක් රැගත් නැව් ‍අනිද්දා (17) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඩීසල් තොග 3ක් මෙහි ඇති බව ද සංස්ථාව පවසයි. ඩීසල් නෞකාවට කළ යුතු ගෙවීම් මෙරටට පැමිණි පසු සිදු කිරීමට නියමිත අතර පෙට්‍රල් නෞකාවට අදාළ සම්පූර්ණ මුදල්Continue Reading

ත්‍රෛනිකායික මහානායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් කියති අත්තනෝමතික වූ බල අරගලවලින් සිදු වනුයේ තව දුරටත් රට අරාජික වීම බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්ෂාවන් ඉටු කර රට තුළ වහා සාමය ස්ථාපිත කිරීමට කටයුුතු කළ යුතුව ඇතැයිද උන් වහන්සේ පවසති. මල්වතු පාර්ශ්යේContinue Reading

ගාලු කොටුවේ රන් ආභරණ අලෙවිසලක් බිඳ රන් සහ මැණික් තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ගාල්ල පොලීසිය සොරා ගත් රුපියල් කෝටි 34ක රන් ආභරණ සහ මැණික් සමඟ සැකකරු පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ. මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් වන මෙම සැකකරු 42 හැවිරිදි දෙදරු පියෙකි. ගාල්ල උඩුගම 18Continue Reading

– හමුදාවේ පොලිසියේ දෙදෙනකුට බරපතළයි– පෙරේදා ගැටුම්වලින් 82කට තුවාල හමුදාවේ-පොලීසියේ 30ක් තුවාල ලබති– පතරොම් ගැබ් 2ක් අතුරුදන් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ සූදානමින් පෙරේදා (13) පොල්දූව හන්දියට රැස්වූ අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්කාරී ලෙස හැසිරුණු පිරිසක් හමුදාවේ සාමාජිකයන් දෙදෙනකුට සහ පොලිස් නිලධාරියකුට අමානුෂික ලෙස පහරදී හමුදා සාමාජිකයන් දෙදෙනා සතුව තිබුණු ටී 56 අවි දෙක පතුරම් ගැබ් සමඟ පැහැරගෙනContinue Reading