මෙම පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේ, ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි. එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදුContinue Reading

අවශ්‍යතාවය මත තමන් ජනාධිපතිවරණයට තරග වැදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නමුත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වන්නේ අන් කවරෙකු නොව සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශයContinue Reading

අනුරාධපුර තලාව, ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු මවකි. දරුවන් බලාගැනීම එම කාන්තාවගේ රැකියාව වන අතර ඇය අද (17) උදෑසන 6.30 පමණ තම රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබුණාය. ඇය අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේContinue Reading

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත. මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවතිContinue Reading

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය. අද විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතාContinue Reading

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේContinue Reading

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගියContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ කණ්ඩායම ඒ අතර ප්‍රධාන වන අතර අනෙක් කණ්ඩායම වන්නේ ජනාධිපතිවරයා සමග ගමනක් යාම සුදුසු බව පවසන කණ්ඩායමයි. මේ අතර, ශ්‍රීContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනීContinue Reading