ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවය. වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවලContinue Reading

මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ “පොරොන්දු දේශපාලනය” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසය.Continue Reading

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි. අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ. අනතුරින්Continue Reading

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.  ඊයේ (23) කථානායකවරයා විසින් සිය සහතිකය කෙටුම්පත් සඳහා සටහන් කළ බව අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.  ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානයContinue Reading

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙමContinue Reading

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කළේය. එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය. ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදයContinue Reading

ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීය. අදාළ පක්ෂ නායක රැස්වීම සඳහා සභා කටයුතු මඳකට අත්හිටුවන බවද කථානායකවරයා නිවේදනය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ අදාළ ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ යුතු හෙයින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතුContinue Reading

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබා දී තිබේ. අභියාචනාධිකරණ තීන්දුවටContinue Reading

ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (24) පැවති ඡන්ද විමසීමෙන් යළි එහි බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමත් විය. ඡන්දයෙන් අනතුරු ව ජයග්‍රාහී කණ්ඩායම ඡන්දයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම්Continue Reading

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත. ඉන් අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව මාධ්‍ය ආංශය නිවේදනයContinue Reading