අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇතැයි මුජිබර් රහුමාන් මහතා පවසයි. සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි ද මුජිබර්Continue Reading

මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇතැයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස මහතා ව එම තනතුරට පත්කර ඇත. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(3) (අ)Continue Reading

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව ඔහුContinue Reading

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති.Continue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය. ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවාය. අනතුරුවContinue Reading

සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවය. සමගි ජන බලවේගයේ නායකයින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මකContinue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් ඇති විය. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාෂල් කළේ. ඒContinue Reading

සමගි ජන බලවේගයට බලය පවතින ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පදවිශ්‍රීපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම ආචාරධර්ම කඩ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස කටයුතු කරන බවය. “අපේ සභාවක් තුළ අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු වෙනුවෙන් ආචාර්යධර්මContinue Reading