ජනාධිපතිවරයා  වැඩපිළිවෙළට උදව් කිරීම  සම්බන්ධයෙන්  පක්ෂයක් ලෙස  ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. තමන් එදා සිටම දැරූ දර්ශනයම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බව කී සේනාරත්න මහතා කාලයේ වෙඩි කන්න වුනේත් ඒ නිසා බව කීය.ඒ  ජනාධිපතිවරයා කළ කතාවේ වැඩපිළිවෙළContinue Reading

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ  සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි.Continue Reading

කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය  මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (2) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බැවින් එයට  එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටින බවත් විපක්ෂContinue Reading

මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය. විදේශ විනිමය අර්බුදය විසඳන මාර්ගය කරාContinue Reading

නියමිත චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන හා වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම නෞකාව වෙනත් කටයුත්තක් සඳහා පැමිණෙන එකක් නොවන බව විදේශ අමාත්‍යContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ  එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතිකවී ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමිනි එමContinue Reading

පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි  මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. එසේම ජනපති ධජයද  නොඑසවෙන බව ඔහු  සඳහන් කළේය. නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10:30 ට විවෘත කිරීමට නියමිතයContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ඒ සඳහා  ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.Continue Reading

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ   නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින  ජ්‍යෙෂ්ඨ  අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ,Continue Reading