ලබන වසරේ මාර් තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය. දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස්Continue Reading

සංචාරකයන් සඳහා විනෝදාස්වාදය ලබාදීමට මන්නාරම් ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන ඩොලර් වලින් පමණක් ගනුදෙනු කරන දූපතක් සංවර්ධනය කළ හැකි බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට ආකර්ෂණයේ ඉහල නංවා ගත හැකි බවත් ඒ හරහා විශාල ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් ඇය පැවසුවාය. තම අමාත්‍ය ධුරයේContinue Reading

පෞද්ගලික අංශය විසින් අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ one stop shop” ක්‍රමය දීප ව්‍යාප්ත මට්ටමින්  හඳුන්වාදෙයි. මෙම නව ක්‍රමවේදය ලබන නොවැම්බර් මාසයේදී හඳුන්වාදීමට නියමිතය. මෙමගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යContinue Reading

තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පැවසීය. ලංකාව තිස් වසරක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර  ජාතික ප්‍රශ්නයට විසඳුමක් සඳහා දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කරන බවද   ජනාධිපතිවරයා කීය. තුන්වන පාර්ශ්වයකට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ලංකාවContinue Reading

පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන  දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13)  තීරණය කළේය. ඒ අනුව පාර් ලිමේන්තුවේ මහජන ගැලරිවලට පැමිණීමටද ඔවුනට එම දිනවලදී අවස්ථාව උදාවනු ඇත. කොවිඩ්  සහ  රටේ ආරක්ෂක තත්වය හේතුවෙන්  පාර්ලිමේන්තුව නැරඹීම කාලයකට පෙර සිට තාවකාලිකව නතර කෙරිණ. පාර් ලිමේන්තුව නැරඹීමContinue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික  එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් (Youth exchange program)Continue Reading

අභාවප්‍රාප්ත දෙවෙනි  එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. මහරැජිණ  වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා සිදු කෙරෙනු ඇත. අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු විනාඩිContinue Reading

ගැසට්ටුව සංශෝධනය කරනවා වැඩිපුර ඇති ආනයනික සහල් තොග සත්ත්ව ආහාරවලට ගැනීමට හැකි වන පරිදි අදාළ ගැසට් සංශෝධනයක් කිරීමට පාරිභෝගික අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. පිටරටින් ගෙන්වන සහල් සත්ත්ව ආහාරවලට ගැනීම දැනට තහනම් වුවද තමන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ සහල් මිනිස් පරිභෝජනයට නොව සත්ත්ව පරිභෝජනයට වඩාContinue Reading

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තුවේ එළඹෙන සතියේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා එම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ. ඒ අනුව ලබන සතියේ 20 වනදා සිට 23 වනදා දක්වාContinue Reading