ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් අදාළ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. ශ්‍රීContinue Reading

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධනContinue Reading

ඇමති සාදයේ ඇමතිවරයෙක් අහසට වෙඩි තබයි.. සිවිලිමක් කඩා වැටී අයෙකුට තුවාලයි..

පසුගිය සතියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවැති සාදයක් අතරතුදී රාජ්‍ය ඇමතිවරයෙකු අහසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ නිවසේ මෙම රාත්‍රී භෝජන සංග‍්‍රහය සංවිධානය කළ තිබූ බවද සඳහන් වේ. එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම ගිනි අවියෙන් වන බවත් ඉන්Continue Reading

මේ වන විට ගුරුවරුන් සදහා රාජ්‍ය සේවකයන්ට හිමිවන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත අරගලයකට යොමුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වන ආර්ථික වශයෙන් අර්බුදයකට ඇද දැමූ වගකිවයුතු දේශපාලකයින් මේ වන විට ජනතා බදු මුදලින් සැප විඳිමින් ජනතාවගේ ජීවත්වීමේContinue Reading

ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානමක් පවතී. මුලින්ම ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටියි. පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ ගැන සාකච්ඡා කර ඇත.Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි. හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට දිනපතා මෙම පිරිස ඔහු් හමුවීම සඳහා යමින් සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඈත් වී සිටින්නට උත්සාහ කළද ඔහු නැවතත් දේශපාලනයට සම්බන්ධ කරගැනීම මෙම ඇතමුන්ගේ අරමුණContinue Reading

බලය තිබුණ ද, නොතිබුණ ද ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම සිය අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘සක්වල’ වැඩසටහන හරහා මොනරාගල රාජකීය විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘සක්වල’Continue Reading

මුදල් ඇමති යටතේ තිබූ ප්‍රබල ආයතන කිහිපයක් ගැලවෙයි

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා යටතේ පැවති ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ වරාය නගර කොමිසම එලෙස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට එක්කර ඇති බව සඳහන්ය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින්Continue Reading

ජනාධිපතිවරයා විසින් වැඩබලන අමාත්‍යවරු දෙදෙනෙක් පත්කර තිබේ. රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස එලෙස පත්කර ඇත. වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාව පත්කර තිබේ. ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටවයෑම හේතුවෙන් මෙම පත්වීම් සිදුකර ඇත. ඒ අනුවContinue Reading

ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ආසියානු දැල්පන්දු ශූරියන් පිළිගැනීම සඳහා කටුනායක පැවති උත්සවයට එක්වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබුණි. ඒ අනුව තමන්ගේ සහභාගීත්වය ගැන සහ එහිදී එල්ලවූ විරෝධතාවන්ට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාරContinue Reading