කට්ටිය කයිවාරු ගහද්දී අපි වැඩ පෙන්වනවා – සජිත්

බලය තිබුණ ද, නොතිබුණ ද ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම සිය අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘සක්වල’ වැඩසටහන හරහා මොනරාගල රාජකීය විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘සක්වල’ වැඩසටහන හරහා පාසලකට ලබාදුන් 34 වන බස්රථය ඊයේ (16) මොනරාගල රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය.

බස්රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා පාසලේ සිසුන් සමග ක්‍රීඩා ඉසව් කිහිපයකටද සහභාගී වුණි.

බස්රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එය ධාවනය කරගෙන පාසල වෙත පැමිණ තිබුණේ ද සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

පසුව පාසල් දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ සහ වොලිබෝල් ක්‍රීඩාවේ නිරතවීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. 

“රාජ්‍ය බලයක් ඇතුවත් හෝ නැතුවත් ජන සමාජයට ශක්තියක් එකතු කිරීම මගේ අරමුණ. අපි මෙහෙම විපක්ෂයේ ඉදලා වැඩ කරනකොට… විපක්ෂයේ ඉන්න අනිත් අය කරන්නේ මොකක්ද? වසර 74ක ඉතිහාසයක් පුරාවටම කරන සුපුරුදු කයිවාරුව.”

Leave a Reply

Your email address will not be published.