යහපත් සමාජයක් ගොඩනැගීමට තබන පියවර සමඟ අප හා අත්වැල් බැඳගන්න – සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය
මාධ්‍ය නිවේදනය අරගලයේ ජයග්‍රහණ සහ අරගලකරුවන් රැකගනිමු…!! ජයග්‍රාහී පොදුජන අරගලයක් හරහා පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව ‘සර්වපාක්ෂික අරගලකරුවෝ‘ ලෙස අපි විශ්වාස කරමු. එවන් සුවිශේෂී පොදු අරගලයක් හරහා අප සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහContinue Reading
කොළඹ කොටුවේ ඊයෙත් විරෝධතා
ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට (27) දින පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ‘ජන අරගලයට, ජන අභිලාෂයට අවනතවනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ.Continue Reading
ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු
ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන්Continue Reading
අරගලයේ අම්මාවරු මානව හිමිකම් යති
ආරක්ෂක අංශ ගාලු මුවෙදාර අරගලකරුවන්ට පසුගිය 22දා අලුයම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මෙම ප්‍රහාරයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ඉතා ඉහළින් කඩ වී ඇතැයිContinue Reading
ගාලුමුවදොර ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී
ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂකයින්ට එරෙහිව බලය සහ ප්‍රචණ්ඩත්වය යොදාගැනීම තමන් දැඩිසේ හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේContinue Reading
වැඩි කළ ගාස්තුවට වැඩ කරන්න දුම්රිය ස්ථානාධිපතිවරුන් කල් ඉල්ලයි
ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළ පරිදි අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.ලබන පළවනදා සිට එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිමට තීරණය කරමින් ප්‍රවාහන අමාත්‍යංශය අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.ප්‍රවාහන අමාත්‍ය බන්දුලContinue Reading
“රනිල්ගේ දිනුම බැසිල්ගේ මෙහෙයුමක්” – ජෝසෆ් ස්ටාලින්
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (ජූලි 20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය. රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව පැවසූ හෙතෙම රනිල් වික්‍රමසිංහ යනු බැසිල්Continue Reading
තොග තිබියදී ඉන්ධන බෙදා නොහරින බවට ටැංකි රථ රියදුරන්ගෙන් චෝදනා
ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තොග පැවතිය ද, ජනතාව අපහසුතාවයට පත් කරමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.එහි සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම සඳහා තම සංගමයේ ටැංකි රථ හිමියන්ට මේ දක්වා කැඳවීමක් සිදු කර නොමැති බවයි.ජාතික ඉන්ධනContinue Reading
රනිල් වැඩ බලන ජනපති වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නෑ – පුබුදු ජයගොඩ
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (15 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාටContinue Reading











