ජනප්‍රිය හින්දි ගායකයා ඇදවැටී මරුට

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (31) කොල්කටා හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර “පල්” සහ “යාරොන්” යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

2000 දශකයේ මුල් භාගයේ සිට ඔහු පසුබිම් ගායනය වෘත්තියක් ලෙස ආරම්භ කළ අතර බොලිවුඩ් චිත්‍රපට සඳහා ජනප්‍රිය ගීත කිහිපයක් පටිගත කළේය.

Leave a Reply

Your email address will not be published.