දුම්රියට ඊයේ මිලියන 8ක පාඩුවක්

දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 8ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ (6) දින අහිමිව ගොස් තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා දිනමිණ කළ විමසීමකදී පැවසුවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන් සේවයට වාර්තා කිරීමේදී දැඩි ගැටලුකාරි ත්ත්තවයක් මතු වීම මෙයට හේතුව බවයි.

රට තුළ පවතින තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලිය 15ක් 16ක් වන බව කියා සිටි ඉන් විශාල මුදලක් දුම්රිය ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් උපයන බවත් කීවේය.

Leave a Reply

Your email address will not be published.