දුම්රිය සේවයෙන් හදිසි ඇමතුම් අංකයක්

දුම්රිය සම්බන්ධ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවි විසින් හදිසි ඇමතුම් අංකයක් ‘1971’ ලෙස හදුන්වා දී ඇත. 

එය ඇමතීමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම දුම්රිය ධාවනයවන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබඳ තෙරතුරු, දුම්රිය ආරක්ෂන සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු ලබා ගත හැකිය. 

මෙම හදිසි ඇමතුම් අංකය ලබන 14වැනිදා උදෑසන 07.00 සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.