හෙට දිනයේ දුම්රිය ධාවනය ගැන දැනුම් දීමක්

බස්නාහිර පළාතේ මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (ජූලි 14) දිනයේදී ත් ක්‍රියාත්මක වුවහොත් පළාත තුළ දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සිදු කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මේ බව සඳහන් කළේ ය.

අද (ජූලි 14) දිනයේදී ඇඳිරි නීතිය පැනවීම ත් සමග කොළඹට ඇතුළු වන සියලු ම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යාමට අවශ්‍ය දුම්රිය යොදවා ඇති බවය.

Leave a Reply

Your email address will not be published.