නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09ට ආරම්භ වීමට නියමිතව ඇති බවය.