මැයි 9 දා කලබලවලට 3215ක් අත්අඩංගුවට 1176ක් රිමාන්ඩ්

මැයි 9 වැනි දා රට පුරා සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් 3215 දෙනෙක් පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතරින් 1176 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහන් කළේය. මැයි 9 වෙනිදා සහ ඒ ආසන්න කාල පරාසය තුළ වූ පහරදීම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි ගණන 858කි. තවදුරටත් සැකකරුවන් හඳුනාගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුවන බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

Leave a Reply

Your email address will not be published.