මම රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවෙයි, ජනතාවගේ මිතුරෙක් – රනිල් වික්‍රමසිංහ

තමා රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොව ජනතාවගේ මිතුරෙක් බව ජනපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (20) සවස, කොළඹ ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඒ බව කියා සිටියේය.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ජනතාව කියනවා වෙනසක් ඕනේ කියලා. ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නේද ? එතකොට කොහොම ද වෙනසක් වෙන්නේ ?

රාජපක්ෂලා කොහොම ද මගේ මිතුරන් වෙන්නේ, මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියනවා මගේ මිතුරන් කියලා. මම විශේෂයෙන් දෙයක් කියන්නම්. මාධ්‍යවේදියෙක් වුණාම ගැඹුරින් අධ්‍යයනය කරලා එන්න. මේ වගේ ප්‍රශ්න අහන්න එපා.

ප්‍රශ්නය – ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි ද?

මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම ජනතාවගේ මිතුරෙක්.

Leave a Reply

Your email address will not be published.