වඳුරු උණ ලෙඩ්ඩු ශ්‍රී ලංකාවේ තවම නෑ

වඳුරු උණ හෙවත් මන්කි ෆොක්ස් වයිරසය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා (28) ප්‍රකාශ කළේය.

මෙම වයිරසය ආසාදනය වූවකුට සැඟව සිටිය නොහැකි බවත් රෝග ලක්ෂණ එළියට පෙන්නුම් කරන නිසා වයිරසය පහසුවෙන් හඳුනාගත හැකි බවත් ඒ මහතා කීය.

උණ, වසා ගැටිති ඉදිමුම, සම මත අසාත්මිකතා පැවතීම වඳුරු උණ රෝගයේ ලක්ෂණ වේ.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මෙම වයිරසය පැවතියහොත් සෙම පටල මඟින් ද පුද්ගලයන්ට බෝ වීමේ අවදානමක් පවතින අතර මෙතෙක් මෙරටින් රෝගියකු වාර්තා වී නැතැයි ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published.