අවම බස් ගාස්තුව රුපියල් 34 යි

සාමාන්‍ය බස් ගාස්තුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් අඩු කරන බවත් ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

කෝවිඩ් සමයේ බස් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ලබාදුන් ගාස්තු වැඩිවීම සහ ඉන්ධන මිල පහල යාම යන කරුණු දෙකම එකතු කර මෙම බස් ගාස්තු පහල දැමීම කළ බව ද ගමනාගමන කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.