‘එන්සි’ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි…

විදේශිය රටකින් නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගංජා මිශ්‍ර එන්සි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

ජාවාරම්කරුවන් සිව්දෙනා බගවන්තලාව ප්‍රදේශයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි වතු කම්කරුවන් ඇතුළු තරුණයන්ට ඉතා සුක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත සැකකරුවන් සිව්දෙනාගේ නිවාස සහ බගවන්තලාව නගරයේ පිහිටි වෙලදසැල් පරික්ෂා කිරිමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනිමට හැකි වු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරිම සදහා ඇසුරුම් කර තිබු බවත්,අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පොලිස් භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

Leave a Reply

Your email address will not be published.