බිත්තරය 60 පනී

වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බිත්තරයක් රුපියල් 55 සිට 60 දක්වා අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.

මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

මෙයට අමතරව කුකු-ලු මස් මිලද විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

කුකුලු මස් කිලෝවක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.

කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර සහ කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිශ්පාදකයෝ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published.