හරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් “හරක් කටා”ගේ ප්‍රධානතම වෙඩික්කරු පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි ප්‍රබෝද කුමාර හෙවත් “කදිරා” නැමැත්තා බොරලැස්ගමුව ප්‍රදේශයේ ලැගුම්හලක දි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම බලකාය සදහන් කළේය.

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කදිරා අපරාධයක් සිදුකිරීමේ අරමුණින් බොරලැස්ගමුව ප්‍රදේශයේ රැඳිසිට ඇති බවටද පොලිස් විශේෂ කාර්යය බළකාය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මොහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සතුව තිබි ගිනිඅවියක් සහ හෙරොයින් ද පොලිස් විශේෂ කාර්යය බළකාය භාරයට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාතර කොට්ඨාස අපරාධ මර්දන ඒකකය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published.