මහ බැංකුවට ඉහළ මට්ටමේ උපදේශක කමිටුවක්

මහ බැංකුවට අදහස් දෙන්නට මෙතෙක් කලක් ක්‍රියාත්මක කළ කමිටු දෙක එක්කොට ඉහළ මට්ටමේ එක් උපදේශක කමිටුවක් පත්කොට තිබේ.

මෙරට පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් 17 දෙනකුගෙන් සමන්විත එම ඉහළ මට්ටමේ කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාට ලබා දී තිබේ.

මෙම ඉහළ මට්ටමේ කමිටුව සෑම මාසයකටම වරක් රැස්වීමට තීරණය කර තිබේ.

නව කමිටුවේ කාර්යභාරය සහ ඉදිරි වැඩපිළිවෙළ කුමක් දැයි එහි සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මේ බව කීය.

මීට ප්‍රථම මහ බැංකුවට උපදෙස් ලබාදීම සඳහා මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ලෙස කමිටු දෙකක් ක්‍රියාත්මක වුණා. එම කමිටු දෙක එක්කොට නව කමිටුව ස්ථාපිත කළා යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේය.

එලෙස පත් වූ ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ මෙසේය.

ආශික් එම් අලී (සභාපති – මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමය) කපිල පී. ආරියරත්න (සභාපති – ශ්‍රී ලංකා බැංකු සංගමය), සංජය බණ්ඩාර (සභාපති – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය), දමිතා කුක් (ප්‍රධාන මූල්‍ය නිලධාරි – ස්ටැසන් සමාගම් සමූහය), ආචාර්ය ප්‍රියංග දුනුසිංහ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය), ප්‍රියන්ත ප්‍රනාන්දු (සභාපති – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය), මුර්තසා ජෙෆෙර්ජි (සභාපති – ඇඩවොකාටා ආයතනය)‍, ක්‍රිස්ටෝපර් ජෝෂුවා (කළමනාකාර අධ්‍යක්ෂ – ඇක්සන් ඉන්ජිනියරින් පීඑල්සී), රොහාන් මාසකෝරාල (නිර්මාතෘ – ශිපර්ස් ඇකඩමි කලම්බෝ පුද්ගලික සමාගම) රෙයාසා මිහුලර් (විධායක නොවන සභාපති – බයිරහ ෆාම්ස් පීඑල්සී) අෂ්රොෆ් ඕමාර් (ප්‍රධාන විධායක නිලධාරි – බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම), ලක්ෂ්මන් සිල්වා (හිටපු ප්‍රධාන විධායක නිලධාරි – ඩීඑෆ්සීසී බෑන්ක් පීඑල්සී), රොහාන් තෙන්නකෝන් (සභාපති – ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමය), රාජේන්ද්‍ර ත්‍යාගරාජා (හිටපු සභාපති – ලංකා වාණිජ මණ්ඩලය), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (සභාපති – ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය), ආචාර්ය ගනේෂන් විග්නරාජා (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක), අනුෂ්ක විජේසිංහ (අර්ථ ශාස්ත්‍රඥ සහ සහ නිර්මාතෘ – සෙන්ටර් ෆො(ර්) ස්මාට් ෆියුචර්.

Leave a Reply

Your email address will not be published.