විමලවීර කලකිරෙයි

ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව  හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

එහෙත් දේශපාලන කටයුතුවල දිගටම නිරත වෙන බව පැවසූ හෙතෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දිගටම කටයුතු කරන බවද සඳහන් කළේය.

තමාට රටේ බොහෝ දේවල් ගැන කලකිරීමක් ඇති බවත් ආර්ථික අර්බුදයට එහා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් සහ  නරුම සංස්කෘතියක් රටේ බිහිවී පැවතීම  ඒ කලකිරීමට ප්‍රධාන හේතුව බවත් ඔහු පැවසුවේය.

රටේ විභාග සමත් ජීවිතය අසමත් අසංවේදී පරපුරක් බිහිවීම  කනගාටුදායක බවද විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

තමා සහ තමාගේ දරුවන් සාධාරණ ආකාරයට හරිහම්බ කරගත් දේවල් සියල්ල නරුම අසංවේදී පිරිසක් විසින් විනාශ කරනු ලැබූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published.