ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ තායිලන්තයේ පැවති මාධ්‍ය හමුවකදීය.
‘ද හින්දු’ පුවත් පත වාර්තා කළේ ඉන්දියාවේ උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවට සහාය වී තිබෙන බවත් මේ වසරේ පමණක් ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.8 ක සහායක් ලබා දී තිබෙන බව ජයිශංකර් මහතා පැවසු බවය.
මේ අවස්ථාවේ ඉන්දියාව සහ චීනය අත්වැල් බැඳ ගැනීම ශ්‍රී ලංකාවේ යහපතට පමණක් නොව එය චීනයේ මෙන්ම ඉන්දියාවේ යහපතටද හේතු වන බව ජයිශංකර් මහතා මෙහිදී පවසා ඇත.