
ඔස්ට්‍රේලියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගෙ
භාණ්ඩ ප්‍රවාහන බහලුමක තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6ක වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
ඔස්ට්‍රේලියානු පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදි මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එය එරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙයි.
අදාළ බහලුමේ කිරිගරුඬ කැට තුළ සුක්ෂමව සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
එහිදී කිලෝ 1,000කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ද එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි