ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට බ්‍රිතාන්‍යයෙන් සේවා පදක්කමක්

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් පිරිනමන සේවා පදක්කමකින් පිදුම් ලැබීමට නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අශෝක ඩයස් මහතා සමත්ව තිබේ. සෞඛ්‍යය සේවාව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා කළ විශිෂ්ට සේවාව අගයමින් එම පදක්කම පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.

නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙත සම්මානය ප්‍රදානය කර ඇත්තේ නවසීලන්ත ආණ්ඩුකාරවරිය වන සින්ඩි කයිරෝ මහත්මිය විසිනි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම මෙරට පුරවැසියන් වෙනුවෙන් කළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්කර තිබෙන අතර ජනතාවගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය අශෝක ඩයස් මහතා සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

කොවිඩ් – 19 වසංගත සමයේ ඉහළ ප්‍රවාහයක් සහිත ඔක්සිජන් ජනක යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයීමට ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ රෝහල් වෙත ඖෂධ දීමේ වැඩපිළිවෙළක් ද වෛද්‍ය අශෝක ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published.