අකුරැස්ස මාදොළ ප්රදේශයේ දී ඊයේ (10) රාත්රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
ඊයේ රාත්රියේ මෙම පුද්ගලයා බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇත.
එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමඟ එම නිවසේ මත්පැන පානය කරමින් සිට තිබේ.
එහිදී ඔහුන් දෙදෙනා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් වැඩිමල් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් මෙම පුද්ගලයාට පහර දී ඇත.
බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා ආදපාන රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.