ෂේන් වෝන් ගේ ජීවිත කතාව චිත්‍රපටයකට නැගීම ගැන විරෝධය

ෂේන් වෝන් ගේ ජීවිත කතාව ගැන ටෙලි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් විරෝධය දක්වයි.

මේ වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටින අතරතුරදී ඇතිවූ හෘදයාබාධයකින් ෂේන් වෝන් මරණයට පත්විය.

එවිට ඔහු 52 හැවිරිදි වියේ පසුවිණි.

ඔහුගේ වැඩිමහල් දියණිය පැවසුවේ එම සැලසුම සිය පියාට කරන විශාල අගෞරවයක් බවය.  

ඔස්ට්‍රේලියාවේ “නයින් නෙට්වර්ක්” එම ටෙලි චිත්‍රපටය නිර්මාණය කිරීම අරඹා තිබේ. 

ඔහු එම මාධ්‍ය ජාලයේ නිවේදකයෙක් ලෙස වසර 20ක් පමණ කටයුතු කළේය.

කොටස් දෙකකින් සමන්විත එම නිෂ්පාදනය “වෝර්නී” ලෙස නම්කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම චිත්‍රපටය වෝන්ට උපහාරයක් බවය.

Leave a Reply

Your email address will not be published.