ලෝක කුසලානයේදී වනිඳු පිතිකරුවන්ට හිසරදයක් වෙන බව මුරලිදරන් කියයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මේ බව සඳහන් කර තිබේ.

මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට මුත්තයියා මුරලිදරන් එක්වී සිටින අතර එම තරගාවලිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබුණි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්විය හැකි බවද මුරලිදරන් එහිදී සඳහන් කර තිබේ.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ,

“ඕස්ට්‍රේලියාවේ දී වැඩි වශයෙන් ලබාගත හැකි පන්දුවේ ඉලිප්පීම නිසා පිටදඟපන්දු යවන්නට වඩා, පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත් වේවී. ඒ නිසා මම හිතන්නේ හසරංගගේ පන්දුවලට මුහුණ දීම පිතිකරුවන්ට තරමක් අපහසුවෙන් කරන්න සිදු වේව්, පිතිකරුවන් ඔහුගෙන් ආරක්ෂාවීමට වගබලා ගත යුතුයි. හැබැයි ඔහුගේ පන්දුවලටත් හොඳින් මුහුණ දෙන පිතිකරුවන් නැතුවාම නෙවෙයි.”

Leave a Reply

Your email address will not be published.