වතුකරයේ ජනතාව දිනකට එක වේලයි…

රටේ ජිවන වියදම ඉහල යාම හමුවේ තම ආර්ථික තත්ත්වය මත දවසේ වේල් තුනෙන් එක් වේලක් පමණක් ආහාර ගැනිමට සිදු වි ඇති බව වතුකරයේ ජනතාව පවසයි.

තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා තම ආදායම් තත්ත්වය ඉතා පහල වැටි ඇති බවත්, ලැබෙන ආදායමෙන් තම දරුවන්ට දවසේ එක් වේලක් හෝ ආහාර ලබා දි තමන්ට කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි වතුකරයේ ජනතාව පවසන්නේ.

පවත්නා තත්ත්වය මත චව් සහ විවිධ අල වර්ග ආහාරයට ගෙන තම කුසගින්න නිවා ගැනිමට සිදු වි ඇති බවත්, පවසන වතුකම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ තම ආදායම් තත්ත්වය ඉහල දමා ජිවන වියදම අඩු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published.