අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානම් පවතින බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවිය.
විපක්ෂ මන්ත්‍රීවරුන් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේද සහාය ඉල්ලා ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ කිසිම සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැති බවයි.
ජනාධිපතිවරයාවත් අග්‍රාමාත්‍යවරයාවත් හමුවී ඒ බව දැනුම් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දී තිබේ.
ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා එම තොරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.