ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ චෝදනාවට පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගිනි තැබීම හේතුවෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 15 ක පමණ භූමි ප්රමාණයක් විනාශයට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල, හාලිඇල සහ නමුනුකුල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මූලස්ථානය පැවසුවේය.
මේ අතර, ඇල්ල ප්රාදේශීය සභාවේ සභාපති මාලක ප්රභාත් මහතා සඳහන් කළේ ඇල්ල රක්ෂිතයේ සංචාරය සඳහා පැමිණෙන ඇතැම් පිරිස් එම ප්රදේශය විනාශ කරන බවය.