ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘උද්‍යානය ලෙස පින්නවල නම් කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස පින්නවල සත්වොද්‍යානය  නම් කිරීමට වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර කඩිනමින් වැඩපිළිවෙළක් සකසන්නැයි අද(25) එහි කළ සංචාරයේදී ඇමැතිවරයා සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාට උපදෙස් ලබා දුන්නේය.

එහි සංචාරයක නිරතවූ  ඇමැති අමරවීර මහතා සහ පින්නවල අලිඅනාථාගාරය  සහ සත්වොද්‍යානය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේනියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකු රාත්‍රිකාලයේ පින්නවල   පින්නවල අලිඅනාථාගාරය  සහ සත්වොද්‍යානය ආශ්‍රිත ප්‍රෙද්ශවල විනෝදවීමට රුචිකත්වයක් දක්වන බවයි.

එහෙත් සවස 5.00න් පසු මෙම ස්ථාන වසා දැමෙන නිසා බොහෝ සංචාරකයන්ට ආපසු හැරී යාමට සිදුවී ඇති බවත් මෙය ‘නයිට් සෆාරි ‘ උද්‍යානයක් ලෙස නම් කළ හැකි නම් එය මෙරටපළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස  දෙස් විදෙස් සංචාරක පැමිණිම වැඩිවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයටද හොඳ කලක් උදාවනු ඇති බවත් ඔවුහු ඇමැතිවරයා හමුවේ පැවැසූහ. 

මේ වන විට සංචාරකයන්ගේ පැමිණිම යහපත් අතට හැරෙමින් පවතින නිසා මේ පියවර ගතහොත් රටට විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙනු ඇතැයිද එම නියෝජිතයේ පෙන්වා දුන්හ.

පින්නවල අලිඅනාථාගාරය හා සත්වොද්‍යානය එකම කලාපයක් බවට පත් කිරීම ,සතුන්ට කෑම කැවීමට හැකි පරිදි පරිසරය සැකසුණු ළමා උද්‍යානයක් මේ පරිශ්‍රෙය් ඉදිකිරීම ඇතුළු  යෝජනා කීපයක්ද මෙම නියෝජිතයින් ඇමැතිවරයාට මෙහිදී ඉදිරිපත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published.