නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.