ඉන්ධන මිල අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ. 

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ. 

මේ අතර ලංකා IOC සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන්නේ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සිය පෙට්‍රල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවය. 

Leave a Reply

Your email address will not be published.