නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එලෙස මියගොස් තිබුණේ මිනුවන්ගොඩ පදිංචිව සිටි පියා සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.
සැකකරුවන් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.