හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසන්නේ එම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බැවින් මෙම පියවර ගත් බවයි.
නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.