ඩුබායිහී සැඟව සිටින බවට සැලකෙන ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් රුපියල් කෝටි 5ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.
ඒ ඔහුගේ දේපළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට පසුවය.
ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා විසින් නීතිවිරෝධීව උපයන ලද මුදලින් ලබාගත් බව කියන අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඊයේ (10) රාත්‍රීයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සොයාගත්තේය.
ඒ, ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
මෙම මෝටර් රථ දෙකෙන් එකක් මෝටර් රථ අලෙවි කරන ස්ථානයක විකිණීම සඳහා තබා තිබියදී සොයාගෙන ඇති අතර අනෙක් රථය නිවසක තිබී සොයාගෙන තිබුණි.
මෙහි වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බව වාර්තා විය.
මේ අතර ශිරාන් බාසික්ට අයත් බව කියන වැල්ලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී අවන්හලක් ද මීට පෙර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබුණි.