රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මෙම පොලිස් නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින් ඔහු ඉවත්කිරීමට කටයුතු කලේ යයි එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත.
මේ අනුව පැමිණිල්ලක් ලද පසු මෙම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.