ද්විත්ව පුරවැසි මන්ත‍්‍රීවරුන් පිරිසක් සිටිනවා..- කතානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.

නමුත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසි බව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published.