ලක්ෂ 9ක වාලම්පුරියක් විකුණන්න ගිය 2ක් මාට්ටු

රුපියල් ලක්ෂ  9 1/2ට මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු  කටුනායක හීනටියන ප්‍රදේශයේ  අද (30)  පස්වරුවේ අත්අඩංගුවට ගත්බව  විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරුවන් සන්තකයේ වාලම්පූරියක් අලෙවි කිරීමට ඇති බවට ගුවන් හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ගුවන් හමුදා සාමාජිකයන් සහ විශේෂ කාර්ය  බලකායේ ගෝනහේන කඳවුරේ කන්ඩායමක් ගැණුම්කරුවන් වශයෙන් ගොස් මෙම වැටලීම සිදුකර ඇත.

රුපියල් ලක්ෂ 9 1/2  වාලම්පුරිය මිළට ගැනීමට කැමැත්ත පළකල පිරිස එය මිළිදී ගැනීම සදහා සුදානමින් සිටියදී සැකකරුවන් දෙදෙනා පැය 2ට ආසන්න කාලයක් ඔවුන් ස්ථාන කිහිපකට ගෙන්වාගෙන   පසුව පස්වරුවේ හීනටියන ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.

එහිදී නිලධාරීන්ට  වාලම්පුරිය අලෙවි කිරීමට තැත්කිරීමේ දී  සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.