හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව දෙලක්ෂ 783 ක් වුව ද, ලබන වසර වනවිට යුද හමුදාවේ මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 දක්වා අඩුවනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වසර 2030 වනවිට එම සංඛ්‍යාව ලක්ෂය දක්වා ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.
ඕනෑ ම ආරක්ෂක අභියෝගයකට මුහුණදීම සඳහා වසර 2030 වනවිට තාක්ෂනිකව සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අරමුණ බව එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.