සුපිරි පන්දු යවන රෂීඩ් ඛාන්ගේ දැඩි තීරණය

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ විස්සයි විස්ස පිටියේ සුපිරි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් විසින් පළකර ඇති ට්විටර් සටහනකි.

එහි සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාව අදාළ තීරණය ආපසු හකුළා නොගන්නේ නම් තමන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන BBL තරගාවලියට එක්නොවීමට තමන් තීරණය කරන බවය.

BBL තරගාවලියේ Adelaide Strikers කණ්ඩායම සමඟ රෂීඩ් ඛාන් ගිවිසුම්ගතව සිටී.

ඔස්ට්‍රේලියාව විසින් තම රට සමග ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය පිළිබඳව තමන් මහත් කනගාටුවට පත්වන බවද රෂීඩ් සිය ට්විටර් සටහනින් පවසා සිටී.

තම රට නියෝජනය කිරීම පිළිබඳව තමන් ආඩම්බර වන බවද ඔහු එමගින් පවසා තිබේ.

එළඹෙන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

තරග තුනකින් සමන්විත එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

ඇෆ්ගන් බලධාරීන් කාන්තාවන්ට සලකන ආකාරය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published.