හෙරොයින් සමග කොටුවූ ටීනා

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තිළිණි නිෂාදි නොහොත් ටීනා නමැති කාන්තාවයි.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටීනා නමැති මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ අනියම් බිරිඳ බවය.

එසේම මෙම කාන්තාව හරක්කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු මෙහෙයවා ඇති බවද හෙළිවී තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800 සැකකාරිය සතුව තිබී සොයාගැනීමට විශේෂ කාර්ය බළකාය සමතව් ඇත.

මෙම කාන්තාවගේ සැමියා වන දිනේෂ් මදුසංඛ නොහොත් බුලා යන අයද මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටී.

මෙම කාන්තාව ඝාතනයට ලක්වූ එම්.ඩබ්.මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලී යන අය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත.

එසේම පසුව හරක්කටාගේ උපදෙස් මත හිච්චි මල්ලී ඝාතනය සැලසුම්කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලීසිය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.