කඩු සමග 08ක් අත්අඩංගුවට

පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගස් සැකකරුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අත්තායි හා කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (13) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published.